skip to main |
skip to sidebar
-
.jpg)
සුප්රකට ඉන්දීය නළු ශාරුක් ඛාන් බෞද්ධාගම වැළඳගත් බව ගොසිප් “පට්ට ගසනා“ ප්රවෘතියක් බවට පත්ව තිබේ...ශ්රී ලාංකික බෞද්ධයන් දහස්ගනනින් අන්යාගමීකරණය රට තුලින්ම සිදුවෙද්දී ශාරුක් ඛාන් බෞද්ධයෙකු වීම “පට්ට“ නිවුස් එකකි,
ශාරුක් ඛාන් තමා බෞද්ධ පොත් කිහිපයක් බැලූබව පමනක්ම වෙබ් අඩවියකට පවසා තිබිණි, එය කොහෙන් හෝ අහුලාගත් ගොසිප් කරුවෝ එයට ලුණු,ඇඹුල්,තාර, දමා බරට රසට සකසාගෙන සමාජය වෙත මුදාහරින ලදි..බුද්ධාලම්වන පස්වනක් ප්රීතියෙන් පිනාගිය බෞද්ධයෝ ශාරුක් ඛාන් නම් යුගයේ පහලවුනු මහා බුද්ධිමතා බෞද්ධ වීම සැමරීය....
සත්ය කරළියට එන්නේ “ සී අෆ්ලම්“ රූපවාහිනී නාලිකාව හරහාය, ඔවුන් බොලිවුඩ් ගොසිප් වැඩසටහන හරහා මෙයත්, අමිතාබ්බච්චන් පිළිකා රෝගියෙකු යැයි ලංකාවේ කැලෑ මාධ්ය ඵලකල ලිපි ගැනත් දරුවෙකු මහ හඬන් සිනාසෙන පසුබිම් හඬක් සමග තම හාස්ය පලකර සිටින ලදි, සී අස්ලම්-සී අෆ්ලම් යනු බොලිවුඩ් පුරයේ අතිශය සුප්රකට සම්මාණ උළෙලවල් සහිත වගකීම් දරන නාලිකා ද්විත්වයකි, ඔවුන් යමක් කරන්නේ නිළ තොරතුරුවලට අනුවය, එහෙයින් ශාරුක්ගේ බෞද්ධ කථාව “අතේ රෝලක්“ බව ඉන් පැහැදිලිය,
බෞද්ධයා තම ගොඩ වැඩිකරගන්නා මිත්යාදුෂ්ඨිකයෙක්ද? නැතිනම් වඳවී යන ජාතිය දැක හිත හදාගන්නට “ අනේ මෙහෙමත් වෙනවනේ“ කියන්නෙක්ද? බෞද්ධයා යනු කවරෙක්දැයි බුදුන් පැහැදිලිවම සූත්රපිටකයේ දක්වයි....!! බෞද්ධයා “ මූත් අපේ ,ඌත් අපේ“ කියමින් කෑමොර දෙන්නෙකු නොවිය යුතුය, ඔහු නුවනින් ලෝකය දකින්නෙකු විය යුතුය, නොමැතිව යමෙක් කී පලියට කටමැත දොඩවා “ පච“ වෙන වට්ටිඅම්මලා විය යුතු නැත...!!
දැන් මාධ්ය-වේදීන් නැත ඇත්තේ ප්රසව හා නාරිවේදීන්ය, උන් දැන් මුරකරන්නේ තිඹිරි ගෙවල්ය, අනුරාධපුර රෝහලට පොලීසිය යොදවන්නට වන්නේ ජඩ මාධ්ය -වේදීන් ප්රසව හා නාරිවේදීන් වී ඇති නිසාය,
ගැහැණියකට මෙතරම්ම එළව එළවා පහර ගසනා රටක් මුලු -
ආසියාකරයේම ,ලෝකයේම තබා මේ ක්ශීරපථයේම ඇතැයි සිතිය නොහැක...
නයි නළඟනට පැටියෙකු ලැබෙන මාතෘකාවක් සෑම ගොසිප් අඩවියකම, දිනපතා පුවත් පතකම ප්රධාන මාතෘකාව වී තිබේ...ගැහැණියකට දරුවෙකු ලැබීම එතරම්ම අරුමයක් වන්නේ මේ ජඩ මාධ්ය කලාව නිසා නොවේද?
ඇය ලංකාවේ සිටින එකම ජමාජශාලා නළඟනද? නැතිනම් ඇය ලංකාවේ මවක් වූ එකම කාන්තාවද?
නිරෝශා විමළරත්න නම් ඇය දරුවා සමඟ පාරට වැටුන හොත් පොඩි එකාට කිරි පැකට් එකක් අරන් දෙන්නට එක මානව හිතවාදියෙකු හෝ සොයාගැනීම ඉතා අපහසු කටයුත්තක් වනු ඇත,..
ඇට නැති දිවට බොහෝ දෑ දෙඩවිය හැක, ගැහැණිය වේස ගෑනිය කරන්නටත්, විශාඛාව කරන්නටත් ඊට හැකිය, එහෙව් කටට පැටියා නයා කරන්නට බැරි කමක් නැත,මේ මාධ්ය විකුනන්නේ නූපන් හෝ ඊයේ ඉපදුන දරුවෙක්වය, ගොසිප් “පොරවල“ හිට්ස්, ඇඩ් වලට මාර ප්රෙයා්ජනයකි, උන්ට පැටියා මලත් කමක් නැත අවශ්ය වන්නේ වෙළදාමය.
ඒ වෙළඳ මාධ්ය සංස්කෘතිය දිනපතා පත්තරවලට බෝවීම අරුමයක් නොවේ කරුමයකි,නපුංසක මාධ්යකරුවෝ පිරිමි බව හෝ ගැහැණු බව පෙන්නන්නට ගැහැණියක එළව එළවා පහර දෙයි, අප ඒවාට අත්පොළසන් දී පසුව සාධුකාර දෙමු, ඒ පාඨකයාගේ හැටිය,
මේ සංස්කෘතියේ තුප්ප බවද නොඑසේනම් ප්රජාතන්ත්රවාදයේ තුප්ප බවදැයි මම නොදනිමි, නමුදු මතකතබාගතයුතු වැදගත්ම කාරණාව නම් ඇය කාන්තාවක් සහ ඒ පැටියා කිරිකැටි බිළිදෙකු බවය,..නොඑසේනම් මේ ජඩ සමාජයට එරෙහිව දිනක ගලිවරයෙකුව, ටී පනස් හයක්ව නැඟීසිටින්නේ මේ හය හතර නොතේරෙන බිළින්දාය,...එදිනට විලිය පසෙක දමා යටකලිසමින් මුහුණවසා දුවන්නට ඒ මඩ මාධ්ය-වේදීන්ට සිදුවනු ඇත...!!