Tuesday, December 17, 2013

කාන්තාවකට බුද්ධත්වයට පත්විය හැකිද?


-


නිසැකවම ඔව්..කාන්තාවකට බුද්ධත්වයට පත්විය හැකියි, නමුදු නූතන කාන්තාව ඊට සුදුසුදැයි පැණනගින ප්‍රශ්ණයයි,


ගෞතම බුදුන් පළමුව විවරණ(නියතවිවරන නොවේ) ලබාගත්තේ කාන්තාවක් ලෙස සිට බව ඔබ දන්නවාද? මේ ඒ ඉඨි කුමාරී කථාවස්තුවයි,

පුරාණ දීපංකර බුදු දවස සුමේධ නමින් තවුසෙක් විය .ඒ නමින්ම මතු බුදුබව පතා පුරාණ දීපංකර බුදුන්ට අයත් ගඳකුටිය වටා සිද්ධාර්ථ තෙල් (සිද්ධාර්ථ තෙල් යනු අබ තෙල්ය)පහන් දල්වමින් තමන් මතු බුදුබව පැතීමේ ප්‍රාර්ථනාව කිරීම මේ සුමේධ තවුසාගේ සැඳෑ සමයේ වැදගත්ම කාර්‍යය විය, එක් දිනක් සිද්ධාර්ථ තෙල් සොයා ගැනීමට නොහැකි විය, නියතවම සිද්ධාර්ථ තෙල් තම සොහොයුරියගේ නිවසින් ලබාගත හැකි යැයි සිතූ මේ බෝධිසත්වයන් ඉඨිකුමාරිය නම් තම සොහොයුරිය වෙත ගොස් “ මා සෑම දිනම පුරාණ දීපංකර බුදුන් වෙසෙන කුටිය සිද්ධාර්ථ තෙල් පහන් දල්වා ඒකාලෝක කර මතු බුදුබව පතන බවත්,අද දින පූජාව පැවැත්වීමට තෙල් නොලැබුන බැවින් තෙල් පූජා කරන ලෙස කාරුණීකව ඉල්ලීය, ඇය නොපැකලී තෙල් ලබා දුනි, එසේ ලබා දී දැහැමින් කල් ගෙවන තමාත් මතු බුදු බව පතන බව දීපංකර බුදුන්ට දන්වන මෙන් ඉල්ලීය,.


තම සොහොයුරිය කල ඉල්ලීමටද සවන් දී සුමේධ තවුසා සුපුරුදු පරිදි බුදුන් වෙසෙන ගඳ කුටිය වටා පහන් දල්වන්නට විය, වෙනදාට වඩා ප්‍රමාදව මේ ක්‍රියාව කරනු දුටු බුදුන් ඔහුගෙන් ප්‍රමාදයට හේතුව විමසන ලදි, එවිට තමාට තෙල් සොයාගත නොහැකි වූ කාරනාවත් තම සොහොයුරිය තෙල් ලබා දුන් අයුරුත්,ඇය බුදුබව පැතූ අයුරුත් දැන්වීය, එවිට පුරාණ දීපංකර බුදුන් වදාලේ, එය තමාට ප්‍රාර්ථනාවක් ලෙස කල හැකි බවත්,ඊට පසු ඇය පිරිමි ආත්මයක ඉපදීම සඳහා විවරන ලබා ගතයුතු බවත් එය කල හැක්කේ ඇගේ ස්වාමියාට පමණක් බවත් වදාලහ,

සුමේධ තාපසයාට තව තවත් පැහැදිලි කරමින්,

ස්වාමියාගේ සියළුම කරුණු,පිලිවෙත් නිවැරදිව ඉටුකරමින්, වන්දනා මාන කරමින් , බිරිඳක ලෙස,මිතුරියක ලෙස,මවක ලෙස, ඉටුකල යුතු සියළු යුතුකම් ඉටුකල පසු ස්වාමියා තම මරණ මංචකයේදී මරණයට මොහොතකට පෙර ඈ විසින් සිදුකරන්නට යෙදුන කාරණා සිහිකර,“මතු බුදුබව පිණිසම අත් භවයේ පිරිමියෙකු ලෙස ඉපදේවා“ ලෙස යම් සැමියෙකු පතයිද, ඒ පැතූ කාන්තාව කෙරෙහි යම් බුදු කෙනෙකු ප්‍රාර්ථනාවක් කරයිද,ඇය ඒකාන්තයෙන්ම බුදු වනු ඇත,


මා දැක්වූ මේ දහම් කරුණු තහවුරු කරමින් යම් වෙනස්කම් ඇතත් මහාචාර්‍ය බෙල්ලන ඥාණවිමල නාහිමි දක්වා තිබූ අදහස පහත දැක්වේ...

ඔව්. අපේ අටවිසි බුදුවරුන්ටත් පෙර සෝළසා සංඛ්‍ය කල්ප ලක්‍ෂයක් කල් පාරමී දම් සපිරූ බුදුරජාණන් වහන්සේ නමක් පූර්ව දීපංකර නමින් ලොව පහළ වී සිටියා. එදවස අප මහ බෝසතුන්ට (සුමේධ තවුසාට) පළමු වරට නියත විවරණ දුන් දීපංකර බුදුරදුන් ද තාපසයෙකුව ඉපදී උන්නා. මේ දීපංකර තාපසයා පුරාණ දීපංකර බුදුන්ට තෙල් පහන් පුදා මතු කලෙක තමන්ද එනමින්, එලෙසින් ම බුදුවන බවට අධිෂ්ඨාන කෙරුවා. ඒ අනුව හැමදාම මේ දීපංකර තවුසා පුරාණ දීපංකර බුදුන්ට තෙල් ගෙන ගොස් දීම සිදු කළා.

එක් දිනක් එක ගෙදරකින්වත් තෙල් බිඳක් සොයා ගන්න බැරි වුණා. එහිදී දීපංකර තාපස තෙම රජමාලිගාවට තෙල් සොයාගෙන ගියා. මේ රජ මැදුරේ සිටි කුමාරිකාවක විසින් ඇගේ සිය ඥාති සොයුරා වූ පුරාණ දීපංකර බුදුන් උදෙසා නොපැකිළිව තෛලය ගෙනවිත් තාපසයා වෙත දෙනු ලැබුවා. එම අවස්ථාවේ දී ඇය විසින් තමන් තුළ ද මතු බුදු බව ප්‍රාර්ථනා කිරීමට ඇති අතිමහත් කැමැත්ත පිළිබඳව සිය සොයුරු පුරාණ දීපංකර බුදුන්ට දැනුම් දෙන ලෙසත් පවසනු ලැබුවා.


ඒ අනුව, පුරාණ දීපංකර බුදුන් සිය නැගණියගේ අතීතාත්ම පිළිබඳ ස්මරණයක යෙදී ඇයට මෙම සිතුවිල්ල මීට ආත්මභාව තුනක සිට ඇති වූවක් බව දැක, මතු සෝළසා කල්ප ලක්‍ෂයක් ගිය තැන නිර්මාණය වන සාර මණ්ඩ කල්පයේ දී බුදුවන ඔබගෙන්ම නියත විවරණ ලැබ ‘සිද්ධාර්ථ ගෞතම’ නමින් බුදු බව ලබන බව දීපංකර බෝසත් තවුසාණන් සමඟ පැවසුවා. එලෙස රජ මැදුරේ කුමරියක වී සිද්ධාර්ථ තෛලය පූජා කළේ, අප ගෞතම බුදුපියාණන් වහන්සේයි.

...බෙල්ලන ඥාණ විමල නාහිමි...

අද කාන්තාව ස්වාමියාගෙන් විවරණ ලබන්නට තරම් සුදුසුද? ඒ ඔබ සිතිය යුතු කරුණයි..!!




චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න...

3 comments:

  1. කාන්තාවකට බුද්ධත්වය සඳහා පෙරුම්පපිරිය හැකිය... එහෙත් බුද්ධත්වයට පත් වන ආත්ම භාවය අනිවාර්යයෙන්ම පුරුෂයකු සේ උපත ලැබිම ලෝක ධර්මතාවය වේ..

    පුරුෂ උපතක් ලබන ආකාරයත් තව දිගු කතාවක්... ඔබ සඳහන් කල කතාවේම දිගුවක් එය.( ඔය නැගණිය විවාහ වෙනවා. ඇයගේ සැමියා අතින් යම් ප්‍රාර්ථනයක් විය යුතුයි ).. ඔබට හැකි නම් එයද ලියන්න...

    ReplyDelete
    Replies
    1. වෙනත් ලිපියකින් එය ලියන්න පොරොන්දු වෙන්නම්.

      Delete
  2. ලස්සන කතාවක්.අදමයි ඇහැව්වේ.

    ReplyDelete

අදහසක් දැක්වීමට යොදවන්නේ ඔබේ කාලයයි,ඔබ ලියනා දේ හා එහි වටිනාකම ගැන පළමුව සිතන්න,...,