Thursday, April 28, 2016

තිස්ස මිහින්තලයේදී හඹා ගිය මුව දෙනකි





ඒවං මේ සුතං
විහරති ය අසවල් තැන
හී අමෝරන තැන
හෙල්ල තුඩු දිළෙන තැන,
රජුන් කෙළිනා තැන
වෙනකක් නොවේ
නම් ලදි අම්බස් තල ය,


මුවෝ නම් ගහණ ය
වග වලස් නැති ගාන ය
හී විදින මාන ය
රජුන් හට උන් මසට පමණ ය,

තිස්ස..! තිස්ස...!

පැටවුන්ට මවු වෙමි
පලා පමණක්ම කමි
හිමි නැතිව වැලපෙමි
හී තුඩට පපු දෙමි,

උසැති ගල් පවුව ට
පෙනෙනා ලෙසට දිවුම ට
මිහිඳු හිමි වැඳුම ට
අනේ පිණ දුණු රැඳුන අතක ට,

මේ අඹ ගස්ම හැර
කලකට පමණ ඵල ලන
කෝ කොහිද මුන දෙන
අසාපන් පන්ඩුක උපාසක,

පවුව පාමුළ වලෙක
මඩ වතුර පිරි තැනක
හැලුන හදවත කොහිද?
බණක් පිරිතක් ඇසුනෙ නැත...

කලින් සඳ මෙහි ආ දිනෙක
මේ පවුව පා මුල තැනෙක
තිස්ස ! එක හී හිසක් තිබුනා
එයින් පසු හිමි ආවෙ නැත...

මේ අඹ ගස්ම හැර
කලකට පමන ඵළ ලන
කෝ කොහිද මගෙ හිමි සඳ
අසාපන් පණ්ඩුක උපාසක..!!


ඈ විප්ලව නොකලාය‍‍|චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න|2016-04-29|

2 comments:

අදහසක් දැක්වීමට යොදවන්නේ ඔබේ කාලයයි,ඔබ ලියනා දේ හා එහි වටිනාකම ගැන පළමුව සිතන්න,...,